ආත්ම ගණනක් උනත් බලාගෙන ඉන්නව ඔයා ගැන...
ඔයා මේ යන දුරක යන්න. මං අතරමග නතර වෙන්නම්. නතර වුණ තැන මතක තියාගන්න. අහස සිඹින සිමෙන්ති උඩ වාඩිවෙලා මොණර පිහාටු ගණින හිනා මං ගාව නැ. මං දුර ගමනක් යනව. ඒ ගමන නුඹට පෙන්නේ නැ. ඔයා අහස සිඹින හින ගනින්න. මං මග නතරවෙලා ජිවිතේ ගණින්නම්. මට ඔයා නැතිව ජිවත් වෙන්න පුළුවන්. නමුත් ඒ ජිවිතේ නිකම්ම නිකම් ජිවිතයක්. සැබෑ ආදරයක් පවතිනු ඇතැයි මා කෙදිනකවත් සිතුවේ නෑ. නමුත් කොහේදෝ ඉඳන් නුඹ ඇවිත් ඒ සිතුවිලි වෙනස් කළා. කරුණාකරලා මට මගේ ආත්මය අපහු දෙන්න. නැතිනම් මට මොන වෙයිද කියලා මමවත් දන්නේ නෑ.
Comments
Post a Comment